අයහපත් කාලගුණයෙන් පුද්ගලයෙක් මරුට – නිවාස 39කට අර්ධ හානි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (13) නිකුත් කරන ලද නවතම තත්ත්ව වාර්තාවේ දැක්වේ.

රත්නපුර, ගාල්ල, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පවුල් 62 කට අයත් පුද්ගලයින් 203 දෙනෙකු අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් හතක පුද්ගලයින් 17 දෙනෙකු තාවකාලික ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇත.

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 39 කට අර්ධ හානි සිදුවී ඇති අතර, කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට ද හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website