පරිසර සංරක්ෂණය උදෙසා වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පිහිටවනු ලැබීය.
මෙම සංසදය පිහිටුවීමේ අරමුණ පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේය.
“දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුමත් සමඟ පරිසර සංරක්ෂණය කෙරෙහි නැවත වරක් අපගේ අවධානය යොමුවිය යුතු කාලය එළැඹ තිබේ. මානව සංහතියේ පැවැත්ම ආරක්ෂා කිරීමට නම් සාගර සහ ගොඩබිම් ආශ්‍රිතව ඇති ස්වාභාවික පරිසරය තිරසර ලෙස භාවිත කිරීමට අප සියලු දෙනාම කැපවිය යුතුය.
ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස මෙකී ආදර්ශය ජනතාවට ද ලබා දීමෙ අරමුණින් පරිසර සංරක්ෂණය උදෙසා වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය පාර්ලිමේන්තුවේදී පිහිටවනු ලැබීය.
සමගි ජන බලවේගයේ පරිසර සංසදයේ සාමාජිකයන් ගෝලීය පරිසර සංවිධාන සමඟ ඒකාබද්ධ වී නව දැනුමින් සන්නද්ධ වී එම දැනුම මෙරට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරයි”















