පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.
දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 42ක් හඳුනාගෙන ඇති බවත් රෝගය හේතුවෙන් මරණ 14ක් වාර්තා වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 27,465ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,930ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4,465ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 1,572ක් වාර්තා වී ඇති බව ද කන්නන්ගර මහතා පැවසුවේය.















