යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙනවා – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය.

රට තුළ පොහොර මේ වන විට ප්‍රමාණවත් තරම් පවතින බවත් මහ කන්නයට පවා පොහොර ගෙන ඒමට රජය වැඩසටහනක් මේ වනවිටත් සකස් කර අවසන් බව ද තුෂාර වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

යල කන්නය සඳහා පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ද පැවසුවේය, “පොහොර හිඟයක් රට තුළ තිබෙනවා කියලා වැරදියට අර්ථ කථනය කළ යුතු නැහැ. නමුත් ඒ අවස්ථාවේ පොහොර රට තුළ ගෙන ඒමේ අඩුවක් තිබුණ නිසා රජය ඒ අවස්ථාවේ පොහොර සීමා කළා. ගැටලුව තිබෙන්නේ යූරියා පොහොර සම්බන්ධයෙන් පමණයි. අනෙක් පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් රට තුළ නැහැ. මේ ගැටලු ආරම්භ වූ මාර්තු මාසය මුල දී අප සතුව පොහොර මෙට්‍රික් ටොන් 102,000ක් තිබුණා. ඊට පස්සේ තවත් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කළා. මේ ප්‍රමාණය රටට ප්‍රමාණත්. නමුත් මේ අවස්ථාවේ රජය තීරණය කළා, මේ පොහොර ප්‍රමාණය ගොවීන් අතර ප්‍රමාණවත්ව බෙදී යා යුතු නිසා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මේ පොහොර බෙදා හරින්න. ඒ නිසා මේ පොහොර තොගය බෙදා හැරියේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට. මේ තත්ත්වය තුළ පෞද්ගලික අංශය සතු  පොහොර වල යම්කිසි අඩුවක් දකින්න ඇති. ඒක තමයි ගොවි මහත්තුරු ‘අපිට ගමේ දී පොහොර දකින්න නැහැ‘ කියන චෝදනාව කළේ.

රජය පසුගිය දා තීරණය කළා යූරියා පොහොර බෙදා හැරීමට පුද්ගලික ආයතනවලටත් අවස්ථාව දෙන්න. ඒ නිසා මේ සතිය තුළ මේ ගැටලුව අවසන් වෙයි. තමන්ගේ ගමේ පොහොර කඩේ යූරියා පොහොර තිබෙන බව ගොවි මහත්තුරු දකියි. රජය තව දුරටත් රුපියල් 10,200ට යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී ගොවීන්ට බෙදා හරින ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කරනවා. 2026 යල කන්නය සඳහා ප්‍රමාණවත් තරම් පොහොර තොග තිබෙනවා. 2026/27 මහ කන්නයට අවශ්‍ය පොහොර තොග ඉදිරියේ දී ආනයනය කිරීමට පියවර ගන්නවා. ඒ නිසා අතීතයේ දී වාගේ යම් යම් කාරණාවලට යා යුතු නැහැ. එසේම මේ කාරණා ගොවි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website