කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය යුක්තිය ඉටු කිරීම සඳහා බරපතල පසුබෑමක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය “දැඩි කනස්සල්ලක්” පළ කර ඇති අතර, මෙම සිදුවීම එයාර්බස් දූෂණ නඩුවට සම්බන්ධ වගවීමේ උත්සාහයන්ට දැඩි ලෙස බලපෑ හැකි බවට අනතුරු ඇවීය.

අද (08) නිකුත් කළ නිවේදනයක එම ආයතනය පැවසුවේ, එයාර්බස් නඩු විභාගයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකුගේ හදිසි මරණය සත්‍යය, වගවීම සහ යුක්තිය ඉටු කිරීම සඳහා බරපතල පසුබෑමක් බවයි.

කපිල චන්ද්‍රසේනගේ මරණය වටා ඇති තත්වයන් සම්බන්ධයෙන් පූර්ණ, විනිවිද පෙනෙන සහ විශ්වාසදායක පරීක්ෂණයක් කරන ලෙසත්, එයාර්බස් දූෂණ විමර්ශනය බාධකයකින් හෝ ප්‍රමාදයකින් තොරව දිගටම කරගෙන යන බව සහතික කරන ලෙසත් එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අධිකරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව සහතික කිරීම සහ ඉහළ පෙළේ විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීම රජයට වගකීමක් ඇති ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කළේය.

ඉහළ මට්ටමේ දූෂණ නඩු විභාග අතරතුර සිදුවන මරණ, පසුව වැරදි ක්‍රියාවක් තහවුරු වුවහොත්, යුක්තියට බාධාවක් ලෙස සැලකිය හැකි බවට එම සංවිධානය අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධ එයාර්බස් ගුවන් යානා ප්‍රසම්පාදන ගනුදෙනුවට සම්බන්ධ යැයි කියනු ලබන පද්ධතිමය දූෂණයේ සම්පූර්ණ ප්‍රමාණය මහජනතාවට දැන ගැනීමට මෙම මරණය බාධාවක් විය හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website