පසුගිය 05 වැනි දා අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
විත්තිකරු ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ දැනුම් දීමක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද (07) මෙම නියෝගය නිකුත් කළේය.














