අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රයිඩ් රයිස්, බිරියානි සහ නාසි ගොරෙන්ග් මිල රුපියල් 25කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේය.
කෙටි කෑම වර්ගවල මිල ද රුපියල් 5 කින් වැඩි කළ නමුත් බිත්තර රොටි සහ පරාටා වල මිල වැඩිවීමක් සිදු නොවන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර ලාෆ්ස් ගෑස් සිලින්ඩර භාවිතා කරන අවන්හල්වල ප්ලේන් තේ සහ කිරි තේ සඳහා මිල වැඩි කිරීමට සිදුව ඇති බව කී රක්ෂාන් මහතා ආපනශාලා සහ අවන්හල් වලින් 25% සිට 30% දක්වා ප්‍රමාණයක් ලාෆ්ස් ගෑස් සිලින්ඩර භාවිතා කරන අතර එම ගෑස් මිල ඉහළ යාම දරා ගැනීමට අපහසු බව ද ප්‍රකාශ කළේය.
















