ඩීසල් මිල යළි ඉහළ ඉහළ දැමීමත් සමඟ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේය.
නව ගාස්තු ගැලපීම ප්‍රතිශත වැඩිවීමක් ලෙස සිදු නොකරන බවත්, සාධාරණ වැඩිවීමක් අරමුණු කරගනිමින් දෙමාපියන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තීරණය කරන බවත් ඔහු පැවසුවේය.
“මීට පෙර අවස්ථා කිහිපයකදී ඩීසල් මිල ඉහළ ගියත් දෙමාපියන්ට ඇති මූල්‍යමය බර සැලකිල්ලට ගෙන අපි ගාස්තු ඉහළ දැමීමක් කළේ නැහැ” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
“ඊයේ (03) රාත්‍රියේ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැම්මා. මේ ආකාරයෙන් ඩීසල් මිල අවස්ථා කිහිපයක දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය තුළ තව දුරටත් පාසල් ළමුන් ප්‍රවාහන සේවාවල ගාස්තු ඉහළ නොදමා සිටීමට හැකියාවක් අපට නැහැ” මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේය.















