ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම සිය සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව මහජන උපයෝගීතා කොමිෂම වෙත ඉදිරිපත් කර ඇති අතර මෑත කාලීන ඉන්ධන මිල වැඩිවීම මත පදනම්ව සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ගණනය කර ඇත.













