අද (24) අළුයම බෙලිඅත්ත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සාගරිකා දුම්රිය පීලි පැනීමට ලක් වූ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බාධාව ඉවත් කර අද සවස් වන විට දුම්රිය මෙහෙයුම් සඳහා අවම වශයෙන් එක් මාර්ගයක් හෝ යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.
පීලි පැනීම හේතුවෙන් මාර්ග දෙකෙන් එකකට දැඩි හානි සිදුවී ඇති බවත්, එම මාර්ගයේ දුම්රිය සේවාවන්ට විශාල බාධාවක් ඇති වී ඇති බවත් දුම්රිය බලධාරීන් පැවසීය.
දැනට කොළඹ සිට දුම්රිය ධාවනය වන්නේ පානදුර දුම්රිය ස්ථානය දක්වා පමණක් බවත් එතැන් සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථ මගින් දකුණු කළුතර දක්වා මගීන් ප්‍රවාහනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
දකුණු කළුතර සිට මාතර සහ බෙලිඅත්ත දෙසට ද මාර්ගයේ දකුණු කොටසේ සේවාවන් ක්‍රියාත්මක වේ.












