ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය නියෝග කළාය.
මෙම නඩුව අද (24) වත්තල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමේ චෝදනාව මත මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ ලංකා සතොස හි හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.














