2026 මැයි 31 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, මැයි 02 වන දිනට කලින් සැලසුම් කර තිබූ රජයේ නිවාඩු දිනය සංශෝධනය කරමින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. අමාත්‍ය මණ්ඩලයේ තීරණයට අනුව, මෙම වසරේ වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.














