රජයේ ඉඩම් වගා කටයුතු සඳහා පුද්ගලයින්ට බදු දිමේ දී අනුගමනය කරන පටිපාටිය යාවත්කලීන කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ඉඩම් කොමසාරිස් ජනරාල්, චන්දන රණවිරාච්චි සඳහන් කළේය.
ඒ සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛ වෙනස් කිරිමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බව කී ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව ද කීවේය.
කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව ඉදිරියේදී නව චක්‍රලේඛනයක් නිකුත් කිරීමට නියමිත බව ද ඉඩම් කොමසාරිස් ජනරාල්, චන්දන රණවිරාච්චි සඳහන් කළේය.











