ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අද (22) තවදුරටත් අවප්රමාණය වූ අතර වාණිජ බැංකුවල විකුණුම් අනුපාත රුපියල් 320 සීමාවේ පැවතුනි.
මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිල දී ගැනීමේ අනුපාතිකය රු. 313.06 සිට රු. 313.35 දක්වා ඉහළ ගිය අතර විකුණුම් අනුපාතිකය රු. 319.96 සිට රු. 320.26 දක්වා ඉහළ ගියේය.
කොමර්ෂල් බැංකුවේ, මිලදී ගැනීමේ අනුපාතිකය රු. 311.56 සිට රු. 311.81 දක්වා ඉහළ ගිය අතර විකුණුම් අනුපාතිකය රු. 320 සිට රු. 320.25 දක්වා ඉහළ ගියේය.
සෙලාන් බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 313.40 සිට රු. 313.60 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 318.65 සිට රු. 318.85 දක්වා ඉහළ ගියේය.
















