ක්ෂුද්‍ර මූල්‍ය අංශය නිසි ලෙස නියාමනය කළ යුතු බවත්, ඕනෑම අක්‍රමිකතාවකට විසඳුම් ලබා දිය යුතු බවත් පක්ෂයේ ස්ථාවරය බව ජාතික ජන බලවේගය මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ අවධාරණය කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය අංශය හොඳින් නියාමනය කළ යුතු බවත් අක්‍රමිකතා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවටත් වන ස්ථාවරයේ සිය පක්ෂය සිටින බව ද මහ ලේකම්වරයා දැඩිව අවධාරණය කළේය.
ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙකු ක්ෂුද්‍ර මූල්‍ය හා අනෙකුත් මූල්‍ය සේවාවලට සම්බන්ධ සමාගම්වල මූල්‍ය ආයෝජන ඇති බවට සමාජ මාධ්‍ය චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් කළ කරුණු විමසීමක දී ඔහු මේ බව සඳහන් කළේය.
අදාළ දේශපාලනඥයින් කර ඇති දේ පිළිබඳව තමා කරුණු නොදන්නා හෙයින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ නොහැකි බව ද මාළිමාව මහ ලේකම්වරයා පැවසුවේය.














