මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුම හෘද ආශ්‍රිත රෝගවලින් පෙළෙන බවත්, එම පුද්ගලයින්ගෙන් සියයට 63.9ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් සියයට 83 ක් බෝ නොවන රෝග නිසා සිදුවන බව ද ජනගහනයෙන් සියයට 15 ක් දියවැඩියාවෙන් පෙළෙන බවත්, ඔවුන්ගෙන් සියයට 49ක් කිසිදු ප්‍රතිකාරයක් නොලබන බවත් ඇය සඳහන් කළාය.
















