ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ පාප් වහන්සේ අතර මතභේදය උග්‍ර වෙයි

ට්‍රම්ප් පරිපාලනයට බිය නොවන බවත්, යුද්ධයට එරෙහිව දිගටම කතා කිරීමට සැලසුම් කරන බවත් ලියෝ පාප් වහන්සේ අවධාරණය කළේය.

පාප් වහන්සේ මේ බව පැවසු‌ේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උන් වහන්සේට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය.

පාප් වහන්සේ වැඩි දුරටත් පැවසුවේ ක්‍රිස්තියානි පණිවිඩය “අපයෝජනයට” ලක් වෙමින් පවතින බවයි.

“මට ඔහු සමඟ විවාදයකට යාමට අවශ්‍ය නැහැ” පාප් වහන්සේ රොයිටර් පුවත් සේවයට පැවසීය.

“සමහර අය කරන ආකාරයට ශුභාරංචියේ පණිවිඩය අපයෝජනය කිරීමට අදහස් කරන බව මම  සිතන්නේ නැහැ. යුද්ධයට එරෙහිව මම හඬ නඟා කතා කරනවා, සාමය ප්‍රවර්ධනය කිරීමට, රාජ්‍යයන් අතර සංවාදය සහ බහුපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා,” පාප් වහන්සේ වැඩි දුරටත් පැවසුවේය.

සාමය සඳහා වන ඔහුගේ සාමාන්‍ය ආයාචනය සහ ඉරාන යුද්ධ සහ ලොව පුරා අනෙකුත් ගැටුම් අවුස්සන “සර්වබලධාරිත්වයේ මුළාව” විවේචනය කිරීමෙන් ට්‍රම්ප්ට හෝ වෙනත් කිසිවෙකුට එරෙහිව සෘජු ප්‍රහාරයක් එල්ල නොකරන බව ලියෝ පාප් වහන්සේ අවධාරණය කළහ.

“අද ලෝකයේ බොහෝ දෙනෙක් දුක් විඳිනවා,” ලියෝ පාප් වහන්සේ පැවසීය. “අහිංසක මිනිසුන් ඕනෑවට වඩා මරා දමනවා. ඒ වගේම මම හිතන්නේ කෙනෙක් නැගී සිට වඩා හොඳ ක්‍රමයක් ඇති බව පැවසිය යුතුයි. පල්ලියේ පණිවිඩය, මගේ පණිවිඩය, ශුභාරංචියේ පණිවිඩය අපි ඔවුන් වෙත ගෙන යා යුතුයි. සාමය ඇති කරන්නන් භාග්‍යවන්තයෝ ය. මම දේශපාලනඥයෙකු ලෙස මගේ භූමිකාව දෙස බලන්නේ නැහැ,” ඔහු පැවසීය.

පාප් වහන්සේ  මෙසේ ද පැවසීය: “මට ට්‍රම්ප් පරිපාලනයට බියක් නැහැ.”

චිකාගෝහි උපන් ලියෝ පාප් වහන්සේ මෑත සතිවල ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ විවෘත විවේචකයෙකු ලෙස මතු වී ඇති අතර පසුගිය දා සාම ආයාචනයකදී “යුද්ධයේ පිස්සුව” හෙළා දුටුවේය.

ගැටුම සහ ධවල මන්දිරයේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති යන දෙකම සම්බන්ධයෙන් පාප්තුමාගේ විවේචනවලට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් ඉරිදා සවස පැවසුවේ ලියෝ පාප් වහන්සේ “භයානක” බවයි.

“පාප් වහන්සේ අපරාධ සම්බන්ධයෙන් දුර්වලයි, විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් භයානකයි” ට්‍රම්ප් Truth Social හි සටහනක ලිවීය.

න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන මෙන්ම නගරවල අපරාධ සිදුවන එක ගණන් නොගත යුතු බව කියන පාප්වහන්සේ කෙනෙකුට තමන් අකමැති බවත් කියමින් ට්‍රම්ප් පාප්වහන්සේ වෙත චෝදනා කළේය.

තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර මෙලෙස පාප්වහන්සේට අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම වන Truth Social ගිණුමේ ඡායාරූපයක් පළ කර ඇති අතර එය මේ වන විට ලොව පුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට මෙන්ම විවේචනයටද ලක්ව තිබේ.

අදාළ පින්තූරය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා තමන් ජේසුස් වහන්සේ බවට අර්ථගන්වා ඇති අතර තමන් ලෝක සාමය මෙන්ම මිනිසුන්ට පිහිට වන සැබෑ ජේසුස්වහන්සේ කෙනෙකු බවද ඔහු එමගින් නිරූපනය කර තිබේ.

රොයිටර් වාර්තාවක් ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website