2026 අප්‍රේල් මස 11 දින සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (11) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය.

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද (11) දින දහවල් 12:11 ට පොම්පරිප්පු, අනුරාධපුර, මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව, අග්බෝපුර සහ සේරුනුවර යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website