
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වීම හේතුවෙන් තාවකාලිකව ධාවන කටයුතු නතර කර තිබූ කොළඹ කොටුව සහ කන්කසන්තුරෙයි (KKS) අතර උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා අද (09) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මගීන්ගේ පහසුව සඳහා, ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා පෙ.ව. 5:15 ට පිටත් වන අතර කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ප.ව. 1:05 ට පිටත් වන ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇත.















