අද (30) දිවයිනේ බොහෝ ප්‍රදේශවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “ප්‍රවේශම් සහගත” මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දී, බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරු මැද පළාත් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කය ද ඉහළ තාප මට්ටම් අත්විඳිය හැකි යැයි සඳහන් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම තත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවට උපදෙස් දුන්නේය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විජලනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසයි. එළිමහනේ සිටින අයට ආරක්ෂාව සඳහා හිස් ආවරණ සහ අව් කණ්ණාඩි පැළඳීමට ද උපදෙස් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් අවධාරණය කළේ ළමයින් සහ වැඩිහිටියන් දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වන ප්‍රදේශවල තනිව නොසිටිය යුතු බවයි. යමෙකුට ක්ලාන්තය හෝ සිහිය නැතිවීම අත්විඳින්නේ නම්, වහාම සිසිල් හෝ සෙවන සහිත ප්‍රදේශයකට යන ලෙස ඔවුන්ට උපදෙස් දෙනු ලැබේ. රෝග ලක්ෂණ දිගටම පවතී නම් හෝ නරක අතට හැරේ නම්, ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ආධාර ලබා ගත යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.












