ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල 11 වන වටයට සහභාගී වීම සඳහා රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා හෙට (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම සංචාරයේ අරමුණ වන්නේ දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමයි.












