සියලුම බස් රථ තුළ සංශෝධිත ගාස්තු වගු ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කළේය.
එහි සභාපති ගාමිණී ජයසිංහ මහතා පවසන පරිදි, ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස් රථ හඳුනා ගැනීම සඳහා හෙට (30) සිට වැටලීම් ආරම්භ කෙරේ.
මෙම නියෝගය උල්ලංඝනය කරන බස් රථ දඩ ගසන බව ද බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය අවධාරණය කළේය.











