උත්සව සමයේ ඉන්ධන සැපයුම තහවුරු කරයි – සංස්ථාවෙන් සහතිකයක්

උත්සව සමයට පෙර ඉන්ධන තොග ගබඩා කරමින් සිටින බව බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.

අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් තොග සුරක්ෂිත කරමින් සිටින බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,200ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති බවත්, මෙට්‍රික් ටොන් 35,000ක ඩීසල් නැව්ගත කිරීමක් දැනට ගොඩබෑම සිදුවෙමින් පවතින බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website