හෝමූස් හරහා ගමන් ‘ඉරානයේ මිත්‍ර ජාතීන්ට’ පමණක් බව IIRGC යළි අවධාරණය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත් ඒ හරහා සිදුවන ඕනෑම ගමනාගමනයක් “දැඩි පියවරයන්ට” මුහුණ දෙන බවත් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය යළි අවධාරණය කරයි.

“ඊශ්‍රායල-ඇමරිකානු සතුරන්ගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ සහ ආධාරකරුවන්ගේ නෞකාවලට” හෝමූස් හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන බව  ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මිශ්‍ර ජාතීන්ට අයත් බහාලුම් නැව් තුනක් අනතුරු ඇඟවීම් වලින් පසු ආපසු හැරවීමට සිදුවූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවකට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිගට තවත් භටයින් 10,000ක් යැවීමට සලකා බලමින් සිටින අතරතුර මෙම අනතුරු ඇඟවීම පැමිණේ.

උත්සන්න වන යුධ අවදානම නොතකා, ජර්මනියේ විදේශ අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජනපදය සහ ඉරානය වක්‍ර සාකච්ඡා පවත්වා ඇති බවත් නියෝජිතයින් ඉක්මනින් පාකිස්තානයේදී හමුවීමට සැලසුම් කරන බවත්ය.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී ඇති අවසාන දිනය නැවත දීර්ඝ කරන බව ට්‍රම්ප් පැවසීය, නැතහොත් ඉරනායේ බලශක්ති බලාගාර විනාශ කරන බව ඔහු පැවසීය.

ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළේය සටන් අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් යෝජනාවක් ටෙහෙරානය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

මූලාශ්‍රය – The Independent

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website