ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2026 අප්‍රේල් සහ මැයි මාසවලදී ද්විපාර්ශවික තරඟ මාලාවක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම සංචාරය දෙරට අතර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවීම සදහා බංග්ලාදේශයට යන පළමු අවස්ථාව වශයෙන් සනිටුහන් වනු ඇත.
මෙම සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතය. එක්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරග 3 ම රාජ්ශාහිදී පැවැත්වෙන අතර එම තරග අප්‍රේල් 20, 22 සහ 25 යන තෙදිනදී පැවැත්වෙනු ඇත.
ඉන් අනතුරුව විස්සයි-20 තරග 3 සිලෙට් නගරයේදී පැවැත්වෙන අතර එම තරග අප්‍රේල් 28, 30 සහ මැයි 02 යන දිනවලදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම 2026 අප්‍රේල් 17 දින බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිත අතර මෙම සංචාරය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් වර්ධනය කර ගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇත.
| දිනය | තරගය | ක්‍රීඩාංගණය | වේලාව |
| එක්දින තරගාවලිය | |||
| අප්‍රේල් 20 | පළමු එක්දින තරගය | රාජ්ශාහි | දිවා තරගයක් |
| අප්‍රේල් 22 | දෙවැනි එක්දින තරගය | රාජ්ශාහි | දිවා තරගයක් |
| අප්‍රේල් 25 | තෙවැනි එක්දින තරගය | රාජ්ශාහි | දිවා තරගයක් |
| විස්සයි-20 තරගාවලිය | |||
| අප්‍රේල් 28 | පළමු විස්සයි-20 තරගය | සිලෙට් | ප.ව. 6.00 |
| අප්‍රේල් 30 | දෙවැනි විස්සයි-20 තරගය | සිලෙට් | ප.ව. 6.00 |
| මැයි 02 | තෙවැනි විස්සයි-20 තරගය | සිලෙට් | ප.ව. 6.00 |
source: srilankacrocket.lk
















