බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව හෙට (23) තීරණය කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම බේකරි කර්මාන්තයට අභියෝග කිහිපයක් නිර්මාණය කර ඇති හෙයින් කඩිනම් මිල ගැලපීමක් අවශ්‍ය බවත් ඔහු පැවසීය.
මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සංගමය හෙට (23) සාකච්ඡා පවත්වන අතර රැස්වීමෙන් පසු සියලුම බේකරි නිෂ්පාදන සඳහා සංශෝධිත මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
















