ඊයේ (21) රාත්‍රියේ ඩීසල් මිල 31%කින් ඉහළ දැමීමට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බව ද ගමනාගමන කොමිෂමේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් නොකළ බව සිහිපත් කළ එම නිලධාරියා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවම වශයෙන් 15%ක බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.












