
ශ්‍රී ලංකාවේ පස්වන වාණිජ මහාධිකරණය හෙට (23) විවෘත වේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ධුරයට පත්වීමෙන් පසු පිහිටුවන ලද දෙවන වාණිජ මහාධිකරණය මෙයයි.
නව මහාධිකරණය හල්ෆ්ට්ස්ඩෝර්ප් අධිකරණ සංකීර්ණය / Hulftsdorp Court Complex තුළ පිහිටා ඇත.
වාණිජ නඩු කටයුතු විධිමත් කිරීම සඳහා නව වාණිජ අධිකරණයක් පිහිටුවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතරට ඇතුළත් කර ඇත.











