ඉන්ධන බෙදා හැරීමේදී ‘විදේශ සංචාරකයින්ට’ ප්‍රමුඛත්වය දීමේ තීරණයක්

ඉන්ධන බෙදා හැරීමේදී විදේශ සංචාරකයින්ට ප්‍රමුඛත්වය දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.

වලංගු විදේශ ගමන් බලපත්‍ර හෝ හැඳුනුම්පත් ලේඛන ඉදිරිපත් කරන සංචාරකයින්ට ඉන්ධන පිරවුම්හල්වලදී ප්‍රමුඛතාවය ලබා දෙන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සංචාරක අංශයට සහාය වීම සහ විදේශීය අමුත්තන්ගේ පහසුව සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ක්‍රියාත්මක කිරීමට රට පුරා සියලුම පිරවුම්හල්වලට උපදෙස් දී ඇති බව ද මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website