පනත් කෙටුම්පත් දෙකකට කථානායකවරයාගේ සහතිකය

විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2026.03.06 දින සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත් දෙක 2026 පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. 

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු වේ.

ඒ අනුව විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත් කෙටුම්පත, 2026 අංක 7 දරන  විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත ලෙස සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 8 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website