උත්සව සමය ඉලක්ක කරගත් ව්‍යාජ අන්තර්ජාල දැන්වීම් පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි උත්සව සමය ඉලක්ක කරගත් මාර්ගගත වෙළඳ දැන්වීම් සහ සැක සහිත සබැඳි පිළිබඳව ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ප්‍රවර්ධන බොහොමයක් පුද්ගලික තොරතුරු සොරකම් කිරීමේ වංචනික උත්සාහයන් බව ද එම සංසදය වැඩි දුරටත්  සඳහන් කරයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ පසුගිය මාස දෙක තුළ අන්තර්ජාල වංචා පිළිබඳ සිද්ධීන් කිහිපයක් දැනටමත් වාර්තා වී ඇති බවයි.ෙ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ළං වන විට, වට්ටම්, මුදල් තෑගි හෝ විශේෂ ප්‍රවර්ධන ආකාරයෙන් මාර්ගගතව ව්‍යාජ දැන්වීම් පළවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

එවැනි සබැඳි බොහෝ විට සංවේදී දත්ත රැස් කිරීම සඳහා නිර්මාණය කර ඇති වංචනික වෙබ් අඩවි වෙත පරිශීලකයින් හරවා යවන බව දමුණුපොල මහතා කීවේය.

පුද්ගලික තොරතුරු බෙදා ගැනීමට පරිශීලකයින් රැවටීම අරමුණු කරගත් “පොසොන් මහා දත්ත දන්සල” වැනි රැවටිලිකාර නම් යටතේ වෙසක් සහ පොසොන් උත්සව සමයේදී සමාන වංචා මතු විය හැකි බවට ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

මෙම පසුබිම තුළ උත්සව සමයේදී නුහුරු සබැඳි ක්ලික් කිරීමේදී හෝ මාර්ගගත දැන්වීම් සමඟ සම්බන්ධ වන විට සුපරීක්ෂාකාරී වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට උපදෙස් දෙන අතර අතර, සයිබර් වංචා වැළැක්වීම සඳහා දැනුවත්භාවය සහ ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website