බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා නව අවුරුදු නැකැත් පත්‍රය සකස් කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වසරේ නව අවුරුදු නැකැත් සකස් කිරීම සඳහා කණ්ඩායම් දෙකක් යෝජනා ඉදිරිපත් කර ඇති බවත් පොදු එකඟතාවයකට පැමිණීම සඳහා අමාත්‍යාංශය දැනටමත් එම කණ්ඩායම් සමඟ සාකච්ඡා වට හතරක් පවත්වා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සහ සාම්ප්‍රදායික කලා උප කවුන්සිලයේ අදහස් ලබාගෙන ඇති නමුත් මේ දක්වා නව අවුරුදු නැකැත් සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණ නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අලුත් අවුරුදු සම්ප්‍රදායන් ඇතුළුව රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.










