Lanka eNews කර්තෘවරයා කටුනායකදී අත්අඩංගුවට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් Lanka eNews වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

ලන්ඩන් නුවර සිට අද (11) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි සඳරුවන් මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පොලිස් භාරයට පත් කිරීමට පෙර රඳවා ගත් බව ද පොලිසිය පැවසුවේය.

Lanka eNews  කර්තෘවවරයා විදේශ ගමන් තහනමකට ලක්ව සිටි බැවින් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website