පාලනය කර ගත නොහැකි වූ යතුරුපැදිය කාර් රථයක ගැටී යතුරුපැදිකරු මරුට

ගම්පහ පොලිස් වසමේ ජා ඇල ගම්පහ මාර්ගයේදී ගම්පහ දෙසට ධාවනය වූ යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් බස් රථයේ හා විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. ඊයේ (10) උදෑසන සිදු වූ මෙම අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 23 ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු හා කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website