ලංකා විදුලිබල මණ්ඩල අහෝසි කිරීමෙන් පසු ස්ථාපිත කළ EGL, EDL, NSO & NTNSP යන සමාගම්වල සභාපතිවරුන් විසින් අද (10) දින ‘සියලුම සේවකයින් වෙත’ යන ශීර්ෂපාඨය යටතේ නිවේදනයක් නිකුත් කර ඇත.
එම ලිපියේ සඳහන් වන්නේ 2026 මාර්තු 08 දිනැති ලංවිම වෘත්තීය සමිති 25 විසින් ඉදිරිපත් කළ යෝජිත සාමූහික ගිවිසුමෙහි වගන්ති පිළිබඳව අද (10) දින EGL, EDL, NSO & NTNSP අධ්‍යක්ෂමණ්ඩල සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි පහත වගන්ති යටතේ ඇති කරුණු බලශක්ති ඇමතිවරයා සමඟ සාකච්ඡා කළ අතර ඔහුගේ අනුමැතිය ලබා ගත් බවයි.
6.1 වගන්තිය යටතේ රු. 1,000/= සහ රු. 10,000/= දීමනාව අඛණ්ඩව ලබා දෙන අතර 6.6 වගන්තියේ සඳහන් ජීවන වියදම් දීමනාවද එයට එකතු කර රජයේ අනුමත ජීවන වියදම් දීමනාව ලෙස සංයුක්තව ගෙවනු ඇත.
7.1 වගන්තිය යටතේ ඔබ ඉල්ලා ඇති වාෂික ප්‍රසාද දීමනාව සඳහා නව සමාගම් විසින් කාය සාධන පදනම්ව ගෙවීම් සිදු කරන තෙක් ලංවිම විසින් දැනටත් ලබා දෙන වාෂික ප්‍රසාද දීමනාව ලබා දෙනු ඇත.
10.8 වගන්තියේ ඉල්ලා ඇති විශ්‍රාම හිමිකම් දීමනා පිළිබඳව ධනාත්මකව සලකා බැලීමට CEBEF සමාගමට උපදෙස් ලබා දීමට අමාත්‍යවරයා එකඟ විය.
ඉහත සියල්ල සලකා බලා විදුලිය සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති මොහොතක මහජනතාව අපහසුතාවයට පත් කරන අයුරින් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාග වහාම නවතා දෛනික රාජකාරි සිදු කිරීමේ එකඟතාවය මත, ගරු ජනාධිපතිතුමා සමග ඉදිරි දින දෙක තුළ සාකච්ඡාවක් සූදානම් කිරීමටත් එහිදී 12.1 වගන්තිය යටතේ ඉල්ලා ඇති වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණය ගැනීමටත් බලශක්ති අමාත්‍යවරයා එකඟ විය.
අනෙකුත් සියලුම කරුණු අද උදෑසන පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි සංශෝධනය කර අත්සන් කිරීමට මින් එකඟ වේ.













