ඉන්ධන මිල ඉහළ දැමීමේ සැබෑ අරමුණ ගැන සංස්ථාවෙන් නිල ප්‍රකාශයක්

ඉදිරි සති කිහිපය තුළ ගෝලීය ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්  ඊයේ රාත්‍රියේ කළ ඉන්ධන මිල වැඩි කිරීම පසුව විශාල වැඩිවීමක් වැළැක්වීම සඳහා ගත් පියවරක් බව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ නෙත්තිකුමාර මහතා, “අපි සාමාන්‍යයෙන් ඉන්ධන මිල වැඩි කරන්නේ පසුගිය මාසයේ මිල ගැළපුම් කරලා. නමුත් අප සතුව ස්ථිර වශයෙන්ම දින 30කට තොග තිබුණට ලබන මාසයේ එන නැව්වල තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වුණා අප සතුව දැනට තිබෙන තොග පරිස්සම් කරමින් මිල සාමාන්‍යකරණයක් කරන්න. ඒ අනුව සාමාන්‍ය මිල ඉතා විශාල වශයෙන් වළක්වා ගැනීම සඳහා වගේම අප සතුව තිබෙන තොග ප්‍රවේශමෙන් බෙදා හැරීම සඳහා අපි මිල සාමාන්‍යකරණයක් කළා. ඉන්ධන එක්රැස් කිරීම, ජාවාරම්කාර තත්ත්ව පාලනය කර ගැනීමටත්, ජනතාවට පෝළිම්වල ඉන්නේ නැතිව සාමාන්‍ය පරිදි එකම මිලකට තෙල් ගහන්න අවස්ථාව ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුණොත් දින කිහිපයක් තුළ ඉන්ධන මිල අඩුකරන්න පුළුවන් වෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website