අද (10) උදෑසන ආසියානු වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටුණ බව බීබීසී වාර්තාවක සඳහන් වේ.
යුද්ධය “ඉතා ඉක්මනින්” අවසන් වන බවට සඳුදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව මෙම පහත වැටීම සිදු විය.
බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 92.50ක් ලෙස 8.5%කින් පමණ පහත වැටී ඇති අතර එක්සත් ජනපදය වෙළඳාම් කරන තෙල් ද බැරලයක් ඩොලර් 88.60 දක්වා 9%කින් පමණ පහත වැටී ඇත.
නමුත් මැදපෙරදිග ගැටුම ආරම්භයේදී තිබූ මිලට වඩා තවමත් බොරතෙල් මිල 30% කින් පමණ ඉහළ ගොස් තිබේ.
මුල් වෙළඳාමේදී තෙල් මිල පහත වැටීමෙන් ආසියානු වෙළඳපොළවල් තල්ලුවක් ලබා ඇති බව පෙනේ. ජපානයේ නිකේයි 225 දර්ශකය 2.8%කින් සහ දකුණු කොරියාවේ කොස්පි හුවමාරුව 5% ට වඩා වැඩි විය.
ආසියානු කලාපයේ බොහෝ රටවල් ගල්ෆ් රාජ්‍යයන්ගේ විශාල ගනුදෙනුකරුවන් වන බැවින් ආසියාවේ දර්ශකවලට තෙල් මිල ඉහළ යාමෙන් දැඩි පහරක් එල්ල විය.
මූලාශ්‍රය: බීබීසී















