T20 World Cup Final: ඉන්දියාව තෙවන වරටත් T20 ලෝක කුසලාන කිරුළ පළඳී

විස්සයි 20 ලෝක කුසලාන අවසාන මහා තරඟ‌යෙන් ඉන්දියාව නවසීලන්තයට එරෙහිව ලකුණු 96ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.

විස්සයි20ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නවසීලන්තයට එරෙහිව අද (8) ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේපැවැත්වෙන අවසන් මහා තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20තුළදී කඩුළු 5ක් දැවී ලකුණු 255ක් රැස් කළේය.

ඉන්දියාව රැස්කළ මෙම ලකුණු සංඛ්‍යව සැලකෙන්නේ විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක දී සියලු දෙනාම දැවී ලකුණු 159ක් රැස් කළේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 96ක වාර්තාගත ජයග්‍රහණයක් හිමිවිය.

ඉන්දියාව විස්සයි20 ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website