රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

විදුහල්පති සේවයේ මෙන්ම රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර ගණනාවක පවතින වැටුප් විෂමතාවයන් වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා වැටුප් කොමිසමක් මෙම වසරේ ස්ථාපිත කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ එම කොමිසම හරහා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සඳහා තිරසාර විසඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවයි.

“විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතාවය පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා කරලා තියෙනවා. අපි මේ විෂමතාවය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරමින් යම් විසඳුමක් සොයන්න අපි උත්සාහ ගනිමින් ඉන්නේ” අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මේ වසරේ දී රජයේ ප්‍රතිපත්තිය හැටියට වැටුප් කොමිසමක් පත් කිරීමට නියමිත බවත් එම වැටුප් කොමිසම හරහා රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවලට තිරසාර විසඳුමක් ලබාදීමට හැකි බවත් අග්‍රමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

“පහුගිය කාලයේ වැටුප් වර්ධක සිද්ධ වෙලා තියෙන ආකාරයත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ක්ෂේත්‍ර ගණනාවක අර්බුද විෂමතා ඇතිවෙලා තිබෙනවා. මේ ගැටලුවට තිරසාර විසඳුමක් අවශ්‍යවන නිසා තමයි වැටුප් කොමිසම හරහා මේකට විසඳුමක් සොයා දෙන්න අපි උත්සා කරන්නේ” අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website