අද (06) දින අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 590 ක් හා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 910 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 35 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















