විදෙස් රටවල ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
මැදපෙරදිග සහ ගල්ෆ් ප්‍රදේශයේ නාවික ගමනාගමනය අඩාල වීම නිසා, එම ප්‍රදේශ වලට සිදු කරන අපනයන ක්‍රියාවලියට බලපාන බවත්, ඒ අනුව, මැදපෙරදිග කලාපයට යවන තේ වැනි භාණ්ඩ වරාය වෙත රැගෙනෙ ඒමෙන් වළකින ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
විදෙස් රටවල ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කරුණාතිලක මහතා පැවසීය.
ඊයේ (02) වරාය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැදපෙරදිග යුධ තත්ත්වය හේතුවෙන් එම කලාපයේ ගුවන් ගමනාන්ත හැර අනෙක් සියලු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එංගලන්තය, ඇමරිකාව වැනි රටවලට යන ගුවන් ගමන් මැදපෙරදිග Transit හරහා ගමන් කළ අතර, එම ගමන් තුර්කිය හරහා ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡා සිදු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
දැනට ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නැව් වලට බාධා ඇති වී නැති බ වද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
භාණ්ඩ ප්‍රවාහන නෞකා කිහිපයක් කොළඹ සහ හම්බන්තොට වරායවල අවශ්‍ය පහසුකම් ඉල්ලා ඇති බවත් ඒ සඳහා පහසුකම් සැපයීමට සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.










