ඉන්ධන බෙදා හැරීම අවුල් කළොත් යළි QR ගේනවා – ඛනිජ තෙල් සංස්ථා සභාපති

ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය කිරීම සඳහා සම්මත නීතිමය සහ නියාමන පියවර ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වුවහොත් QR යාන්ත්‍රණය නැවත සක්‍රිය කිරීමට සංස්ථාව සූදානම් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

ඊයේ (02) සවස වන විට සාමාන්‍ය දෛනික ඉන්ධන පරිමාව මෙන් 150%ක ගුණයකට වඩා ඉන්ධන තොග වෙළඳපොළට නිකුත් කර ඇති බව ද රාජකරුණා මහතා පැවසුවේය.

බොහෝ පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම දැන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඉන්ධන සීමා කිරීම් පිළිබඳ කටකතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ QR පද්ධතිය ඉන්ධන හිඟයක් පවතින කාල පරිච්ඡේද සඳහා අදහස් කරන මෙවලමක් බවයි. සංස්ථාව දැනට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වා ගෙන යන බැවින්, මේ අවස්ථාවේ QR පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website