මහජනතාව අනවශ්‍ය තරම් ඉන්ධන රැස්කර තැබීම ආරම්භ කළහොත් පමණක් QR කේත ක්‍රමය නැවත හඳුන්වා දෙන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉලියාස් මුහම්මදු අර්කම් විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.
රට තුළ දැනට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව ද බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත ඇති බව සහතික කළ නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍යවරය අනවශ්‍ය කලබලයකින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන මිලදී ගැනීම සහ එකතු කිරීම සුමට බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධා කළ හැකි බවට අනතුරු ඇඟවීය.
මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන රැස් කිරීමට පටන් ගන්නේ නම්, බෙදා හැරීම නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා අපට නැවතත් QR කේත පද්ධතියට යොමු වීමට සිදුවිය හැකියි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ගෝලීය වශයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති මේ අවස්ථාවේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, කෘතිම හිඟයක් ඇති කිරීමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් යළි ඉල්ලා සිටියේය.












