ශ්‍රී ලංකාව තිරසාර වර්ධනයක් කරා යන ගමනේදී, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට පැමිණෙන, ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය (Sri Lanka India Society) සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.













