රාජකීය තනතුරු අවභාවිත කිරීමේ චෝදනාවට චාර්ල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෲ කුමරු අත්අඩංගුවට

රාජකීය තනතුරු අවභාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුගේ සොහොයුරෙකු වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් කුමරු මුදා හැර තිබේ.

තේම්ස් වැලී පොලිසිය විසින් ඊයේ (19) ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර එදින ඔහුගේ 66 වන උපන් දිනය ද යෙදී තිබීම විශේෂත්වයකි.

ඇන්ඩෲ කුමරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් III චාල්ස් රජු පැවසුවේ “නීතිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතු” බව ත් “පොලිසියට තම පූර්ණ සහය ලැබෙන” බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website