කථානායකගේ නිවේදන: පනත් කෙටුම්පත් දෙකකට කථානායකවරයාගේ සහතිකය

“නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන)” පනත් කෙටුම්පතට සහ කන්ටේනර් මෙහෙයුම් කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පතට සිය සහතිකය පසුගිය 17 වන දින සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (පෙබ. 18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

1972 2ංන 10 දරන නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත මේ මගින් සංශෝධනය කෙරේ. 

ඒ අනුව, මේ වනවිට විශේෂිත ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන කන්ටේනර් මෙහෙයුම්කරුවන් උක්ත පනත යටතේ තවදුරටත් නියාමනය නොවන අතර, ඔවුන් කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත මගින් නියාමනය වීමට නියමිතය. එමෙන්ම අනෙකුත් සියළු නැව් සේවා සපයන්නන් පාලනය කිරීම පවතින පනත මගින් දිගටම සිදු කරනු ඇත.

කන්ටෙනර් බහාලුම් ක්‍රියාකරුවන් සඳහා දැනට පවතින සියලුම බලපත්‍ර මෙන්ම සලකා බැලීමට නියමිත අයදුම්පත්ද ස්වයංක්‍රීයව නව රාමුවක් යටතට පත්වන අතර,  එමගින් ක්ෂේත්‍රයේ මෙහෙයුම් සහ වාණිජ්‍ය කටයුතුවල  අඛණ්ඩතාවය සහතික කෙරේ.

මේ අනුව, 2026 පෙබරවාරි 05 දින සම්මත කරන ලද උක්ත පනත් කෙටුම්පත  2026 අංක 4 දරන නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයින්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත ලෙස බලාත්මක වේ.

එමෙන්ම, 2026.02.05 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද කන්ටේනර් ක්‍රියාකරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ කන්ටේනර් ක්‍රියාකරුවන්ගේ ව්‍යාපාර නියාමනය කිරීම සහ පාලනය කිරීම සිදු කරනු ලබයි. එවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ඕනෑම පුද්ගලයෙකු වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් තිබිය යුතු බව එමගින් නියමය කෙරේ. 

එය 2026 අංක 03 දරන කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට  බලපත්‍ර ලබා දීමේ පනත, ලෙස බලාත්මක වේ. 

බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට (ආචාර්ය) උපාලි පන්නිලගේ නම් කෙරේ.

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 හි විධිවිධාන ප්‍රකාරව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website