
2025 වසරේදී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
2030 වර්ෂය වනවිට මෙරට ජලභීතිකා රෝගය තුරන් කිරීමට බලාපොරොත්තු වන බව ද පතිරණ මහතා සඳහන් කළේය.
ජලභීතිකාව හේතුවෙන් මරණයට ලක් වී ඇත්තේ තරුණ පිරිස් බව ද, කුඩා ළමුන් ද මෙම රෝගය හේතුවෙන් මරණයට පත්ව ඇති බව ද හෙළි කළ වෛද්‍යවරයා මෙම රෝගය සඳහා නිසි වෙලාවට නිසි ක්‍රියාමාර්ග ගතහොත් මෙය මුළුමනින්ම වළක්වා ගැනීමට හැකි බව ද සඳහන් කළේය.















