නැගී එන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක්

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු කාන්තා නැගී එන (ඒ) කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 106කින් මැලේසියා කාන්තා කණ්ඩායම පරදා පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

 ටර්ඩිතාල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටය.

 ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු 172ට පිළිතුරු ලෙස මැලේසියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු අටක් දැවී රැස් කළේ ලකුණු 68ක් පමණකි. මෙදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු වාරයකට ලකුණු රැස් කිරීමේ වේගය 8.60ක් ලෙස ඉහළම මට්ටමක පැවැතිණි.

 ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායමේ නායිකාව අනුෂ්කා සංජීවනී සහ අංක තුන පිතිකාරිණිය හංසිමා කරුණාරත්න දෙවන කඩුල්ලට පන්දුවාර 7.1ක දී රැස් කළ ලකුණු 49 හොඳම සබඳතාවය වේ.

 ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතුරින් වඩාත්ම කැපී පෙනුණු පිතිකාරිණිය වු අංක හතර පිතිකාරිණිය අමා කාංචනා තරගයේ එකම අර්ධ ශතක ලාභිනිය ලෙස ලකුණු 52ක් රැස් කළේ පන්දු 29කට මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් ද සමගය.

 මීට අමතරව නායිකාව අනුෂ්කා සංජීවනී පන්දු 31ක දී හතරේ පහර හතක් සමග ලකුණු 38ක් ද හංසිමා කරුණාරත්න පන්දු 27ක දී හතරේ පහර දෙකක් සමග ලකුණු 22ක් ද ශ්‍යානි සේනාරත්න පන්දු 16ක දී හතරේ පහර දෙකක් සමග ලකුණු 21ක් ද රැස් කළහ.

 මැලේසියා කාන්තා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ දක්ෂ පන්දු යැවීමක නිරත වු සත්‍යා සංදීපනී ලකුණු 11කට කඩුලු දෙකක් ද සචිනි නිසංසලා ලකුණු හතකට කඩුලු දෙකක් ද දවාලීමට සමත් විණි.

ලකුණු පුවරුව

 ශ්‍රී ලංකා නැගී එන ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 6කට ලකුණු 172 – අමා කාංචනා 52, අනුෂ්කා සංජීවනී 38, හංසිමා කරුණාරත්න 22, ශ්‍යානි සේනාරත්න නොදැවී 21, මල්ෂා ශෙහානි 14, නුර් ඩානියා 22/2, අමලින් සොෆිනා 28/2

 මැලේසියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 8ක් දැවී ලකුණු 68 – නුර් ඉසටු 19, නසටුල් හයිඩායා 14, , සචිනි නිසංසලා 7/2, සත්‍යා සංදීපනී 11/2

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website