වියළි ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හම්බේගමුව, උඩවලව ජාතික වනෝද්‍යානයේ ගෝමගල ප්‍රදේශයේදී හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත  ඊයේ (07) දින රාත්‍රී වැටලීමක් සිදු කර වියළි ගංජා කිලෝග්‍රෑම් 582 ක පමණ ප්‍රමාණයක් ඇසුරුම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 47 හා 51 වයස්වල පසුවන කටුවන හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

එම සැකකරුවන් 2026.02.08 දින වැල්ලවාය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හම්බේගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website