ලබන සඳුදා සිට GMOA ගැනීමට නියමිත දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මොනවාද ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් අද (31) පෙරවරුවේ පවත්වා ඇති අතර සංගමයේ තීරණය අනුව අනුව වෘත්තීය ක්‍රියාමාර්ග පෙබරවාරී 02 වැනිදා සිට තීව්‍රර කිරීමට තීරණය කර ඇත.

අද ගත් තීන්දුව අනුව පෙබරවාරී 02 වැනිදා උදෑසන 8.00 පහත දැක්වෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

  • නව තීරණය අනුව, රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
  • රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
  • දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම,
  • අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම,
  • රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම,
  • විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සඳහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website